
ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා තාවකාලිකව විසංධි කිරිමට රුසියාවේ අවධානය යොමු වුණා. සයිබර් ආරක්ෂක වැඩපිළිවෙලේ අංගයක් ලෙසටයි එය ක‍්‍රියාත්මක වන්නේ.
දත්ත හුවමාරුව වැළැක්වීමත් එහි අරමුණකි. තාක්ෂණික කරුණු සහිත නව පනතක් පසුගිය වසරේදී හදුන්වා දීමට රුසියාව පියවර ගත්තා. අත්හදාබැලීම ලබන අප්‍රේල් පළමුදාට පෙර සිදුකිරිමටයි අපේක්ෂාවවී තිබෙන්නේ. කෙසේ වෙතත් මෙතෙක් නිෂ්චිත දිනයක් ප‍්‍රකාශයට පත්කර නැහැ. ඩිජිටල් ආර්ථික ජාතික වැඩසටහන යටතේ ආරක්ෂක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමට රුසියාව සැලසුම් කර තිබෙනවා. අනෙකුත් පාර්ශව වලින් එල්ල විය හැකි අභියෝගවලට සාර්ථකව මුහුණදීම අරමුණයි.
Post a Comment