
දිවයිනේ සෑම රෝහලක්ම කඩිනමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර අවසන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ ඉදිකරන අංග සම්පූර්ණ ශල්‍යාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රෝගී සත්කාරක සේවාව වඩාත් ගුණාත්මක කිරීම සදහා නවීන වෛද්‍ය උපකරණ සෑම මූලික රෝහලකටම ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
Post a Comment