
බ්‍රසීලයේ බෘමැන්ඩිනෝ ප්‍රදේශයේ පසුගිය මාසයේදී බිදුනු වේල්ල සම්බන්ධයෙන් එම සමාගම අනතුර සිදුවීමට පෙර ඒ පිළිබදව දැනුවත්ව සිටි බව එරට පර්යේෂණ සමාගම් සදහන් කරනවා.
ලොව විශාලතම යපස් ආකර හිමි සමාගමක් වන බ්‍රසීලයේ වේල් සමාගමටයි බෘමැන්ඩිනෝ වේල්ල අයත්ව තිබුණේ. පසුගිය මාසයේදී වේල්ල බිදී යාමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් කරන ලද ඔවුන්ගේ දත්ත වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මෙම වේල්ල බිදී යාමේ අවදානමක් පවතින බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර එම සමාගමට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකරන බවද බ්‍රසීල රජය පවසනවා.
Post a Comment