
රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීම අධ්‍යයනය සදහා කමිටුවක් පත්කර තිබෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතායි මෙම කමිටුව පත්කර තිබෙන්නේ.
රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම සදහායි මෙම කමිටුව පත්කර තිබෙන්නේ. මාධ්‍ය භාවිතය හා එහි ස්වාධීනත්වය පිළිබද මේ වන විට කථිකාවක් ගොඩනැගී තිබෙනවා. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතු බව මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහසයි. ඒ අනුව පත් කෙරුණු මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විජයානන්ද ජයවීර මහතායි. සෙසු සාමාජිකයින් 6 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත්. රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරෙනවා.
Post a Comment