Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිල සෙවන කාර්යාල දෙකක ඉදිකිරීම් ඇරඹෙයි  

Add comments

බෙන්තොට මැතිවරණ කොට්ඨාසයේ නිල සෙවන කාර්යාල දෙකක ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.

බෙන්තොට මැතිවරණ කොට්ඨාසයේ මහ ඌරගහ හිපන්වත්ත සහ බෙන්තොට මහඉදුරාව කහව ගම්මැද්ද ග්‍රාමසේවා වසම් දෙකෙහි මෙම නිල සෙවන කාර්යාල ඉදිකෙරෙනවා. ඒ සදහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 50 ක්. ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල මෙම නිල සෙවන කාර්යාල තුළ පිහිටුවෙනවා. ජනතාවට එකම ස්ථානයකින් සේවා ලබා ගැනීමට මෙමගින් පහසුකම් හිමි වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG