
අන්‍ය ආගමකට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට එරෙහි නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.
ප්‍රදේශයේදී වෙනත් ආගමකට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත්කළ බව කියමින් ඥානසාර ස්වාමීන් වහන්සේට එරෙහිව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මෙම නඩුව පවරා තිබෙනවා. නඩුව සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. නඩුව අගෝස්තු මස 5 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.
Post a Comment