Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ප්‍රාදේශීය සභා මන්ත‍්‍රී කවුද ?  

Add comments

හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා කඹුරුපිටිය මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතන සිද්ධිවල ප්‍රධාන සැකකරු මාකදුරේ මධුෂ් සමග සමීප සබඳතා පවත්වා ඇති බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා.  මෙම ඝාතන මාකදුරේ මධුෂ් මෙහෙයවා ඇති බවට ද පොලීසිය හෙළිකරගෙන තිබෙනවා.

ඝාතන සිද්ධීන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි. මෙහෙයුම සිදුවන අවස්ථාවේ සැකකරු පලාගොස් ඇති අතර ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ නිවස පරික්‍ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්,ටී 56 ජීව උණ්ඩ ඇතුලු ගිනි අවි භාවිතය පිළිබඳ රූප සටහන් ඇතුළත් පොත් කිහිපයක් ද සොයා ගැනුණා. සැකකරු ගැමුණු හේවා බලකායේ සපුගස්කන්ද ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙය සිදුකර ඇති බවටයි මූලික පරික්‍ෂණවලදී හෙළිවී තිබෙන්නේ. රුපියල් කෝටි 700 මැණික් කොල්ලයට ද මොහු සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG