Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක ස්මාර්ට් පෝට් හෙවත් සුහුරු වරායක්  

Add comments

කොළඹ වරාය නව තොරතුරු තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය පද්ධතිවලින් ක්‍රියාත්මක ස්මාර්ට් පෝට් හෙවත් සුහුරු වරායක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

අමාත්‍ය සාගල රත්නායක  මහතාගේ සංකල්පයකට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයෙන් වරාය අධිකාරියේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ සදහා රුපියල් මිලියන 929ක මුදලක් වැය කෙරෙනවා. පාරිභෝගික කළමනාකරණය සහ සේවා සැපයීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීම අරමුණයි. ඒ අනුව පර්යන්ත මෙහෙයුම් කටයුතු සහ නැව් බඩු මෙහෙයවීම් කටයුතු කිසිදු ඝට්ඨනයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය තොරතුරු තාක්ෂණික පහසුකම් සහ තොරතුරු පද්ධති නවීකරණය කෙරෙනු ඇති.  දොරටු ස්වයංක්‍රීයකරණ පද්ධතියක් ඩීජීපීඑස් පද්ධතියක් ඇතුළු ස්වයංක්‍රීය පද්ධති රැසක් ස්ථාපිත කිරීමටයි කටයුතු කෙරෙන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG