Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නඩු විභාගයකින් තොරව අවසන්  

Add comments

බි‍්‍රතාන්‍ය ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නඩු විභාගයකින් තොරව අහෝසි කර තිබෙනවා.

බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයේ මැදිහත්වීමෙන් තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නෙ. පසුගිය වසරේ පෙබරවාරි මස 04 වනදා ලන්ඩන් නුවර ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට සහභාගිවුවන්ට තර්ජනයක් කළ බවටයි පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වුණේ. ඒ සම්බන්ධයෙන් වෙස්මිනිස්ටර් අධිකරණයක් හමුවේ ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කෙරුණා. කෙසේ වෙතත් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ති‍්‍රක මුක්තිය හිමිවිම හමුවේ ඔහුට වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි ශ්‍රී‍්‍ර ලංකා රජය නිල වශයෙන් බි‍්‍රතාන්‍යයට දැනුම් දුන්නෙ. ඒ අනුව බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලය අධිකරණයට කළ දැනුම්දිමකට අනුව වරෙන්තුව ඉවත් කර තිබෙනවා. එය හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ද අප කළ විමසිමකදි තහවුරු කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG