
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ලෝක ආර්ථිකයේ පරිවර්තනයන් හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව සියයට දහසයයි දශම හතරකින් රුපියල අවප්‍රමාණය වූ බව සදහන්. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකා රුපියල සියයට බින්දුවයි දශම හයක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. මේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් එකසිය අසූවයි දශම එකයි නවයක් ලෙසත් ගැනුම් මිල රුපියල් 176 යි දශම තුනයි හතරක් ලෙසත් සටහන් වනවා.
Post a Comment