Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල නගරයේ උණුසුම් තත්ත්වයක්  

Add comments

බදුල්ල නගරයේ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී එහි හිමිකරුවන් හා නගර සභා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

බදුල්ල, ගගබඩපාර ප්‍රදේශයේ පිහිටි මෙම අනවසර ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස මීට පෙර දන්වා තිබෙනවා. ඒ නගර සභා ආඥාපනත යටතේ නගරාධිපතිට ඇති බලතලවලට අනුවයි. එය ඉවත් කර නොගැනීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයයේ ඉදිකිරීම ඉවත් කිරීමටයි නගර සභා නිලධාරීන් කටයුතු කළේ. කෙසේ වෙතත් එම අවස්ථාවේදී එම ස්ථානයේ හිමිකරුවන් හා නගර සභා නිලධාරීන් අතර බහින් බස් වීමක් සිදුවුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG