Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිනුම් තටාකය විවෘත කෙරේ  

Add comments

රණවිරුවන් හිතා මතා අපරාධයක් කර ඇත්නම් ඊට දඬුවම් කිරීම පිළිබද ගැටළුවක් නොමැති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසනවා. අනුරාධපුර සේතුපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා

මෙම පිහිනුම් තටාකය  සදහා තරුණ ලාංකීය ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ කාන්තා  සංසදය මගින් රුපියල් ලක්ෂ 420 ක මුදලක් වැය කර තිබෙනවා. ජල චිකිත්සක පහසුකම් සහිත මෙම පිහිනුම් තටාකය මගින් ආබාධිත රණවිරුවන්ගේ පිහිනුම් ක්‍රීඩා දියුණු කිරීම මෙහි අරමුණයි. ප්‍රදේශයේ  පාසල් දරුවන් සදහා පිහිනුම් ක්‍රීඩා සිදු කිරීමටද මේ තුළින් අවස්ථා හිමිවනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ්  සේනානායක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ද ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ කාන්තා  සංසදයේ සභාපතිනී ෂෙහානි පියසේන මහත්මියද ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG