
සති අන්ත නිවාඩුව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර තිබෙනවා.
අද(02) පෙරවරු හතයි තිහට කොළඹ කොටුවෙන් ගමන් ඇරඹු මෙම දුම්රිය පස්වරු එකයි තිහට නානුඔය දුම්රිය ස්ථානයට ළගාවුණා. එම දුම්රිය පස්වරු පහට නානුඔය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මෙම දුම්රිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ධාවනය කෙරෙනු ඇති. අද (02) දිනයේ සැදැහැවතුන් විශාල පිරිසක් මෙම දුම්රියෙන් පැමිණි බව අප වාර්තාකරුවන් පවසනවා.
Post a Comment