
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කේරල ගංජා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 30ක් වන අදාළ සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර කල්පිටිය බසාර් වීදිය ප්‍රදේශයේ දී නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදාව සහ කල්පිටිය පොලීසිය සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Post a Comment