
චිලී රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පසුගිය දින කිහිපයේ ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමගයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ. නිවාස එක්දහස් අටසියයක් පමණ ගංවතුරෙන් යට වී තිබෙනවා. ඉන් නිවාස 170 කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශ හතරකට රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා. පුද්ගලයින් දෙසිය අසූ දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව සදහන්. මාර්ග රැසක් ජලයෙන් යට වීමෙන් ගමනාගමන කටයුතු ද අඩාල වී තිබෙනවා.
Post a Comment