
රුපියල් මිලියන 33යි දශම නවයක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැණුනා.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි නඩුව විභාගයට ගැනුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනා අද (01) අධිකරණයේ පෙනී සිටියා. නඩුවේ හය වන විත්තිකරු වන මහින්ද සාගල නමැත්තා මීට පෙර රෝහල්ගතව සිටි බව සනාථ කිරීමට අදාළ වෛද්‍ය සහතික අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට හා ගොනුකර ඇති අධිචෝදනා විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට පවසමින් විත්තිකරුවන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කර තිබුණා. එම විරෝධතා අධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කළා. නඩුව ලබන පහළොස්වනදා යළි කැදවීමටයි නියෝග කෙරුණේ.
Post a Comment