Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් අධ්‍යාපනයට නව අරුතක් දෙමින් පාසල් 200 ක ව්‍යාපෘති සිසු අයිතියට  

Add comments

දැනුමෙන් පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කර ගැනීම සදහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකළ අංගසම්පූර්ණ කළ ව්‍යාපෘති 200ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගුණ ණැන බල සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීම උදෙසායි අධ්‍යාපන අමාත්‍යාංශය ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. සෑම පාසලකටම අවශ්‍ය පහසුකම් ලබාදීම මෙහි අරමුණයි. ඒ අනුව අධ්‍යාපනයේ සම අවස්ථා සියලු දරුවන්ට උදාකර දීමට අපේක්ෂා කෙරෙනවා. මෙහි ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා පිටියේදී පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍යවරයා අතින් පළමුවෙන්ම විවෘත කෙරුණේ කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලේ නව තුන්මහල් ගොඩනැගිල්ලයි.

කුළියාපිටිය සාරානාත් විදුහලේ අංගසම්පූර්ණ නව ශ්‍රවණාගාරය විවෘත කෙරුනේද අග්‍රාමාත්‍යවරයා අතින්. කුළියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජාතික අධ්‍යාපන පද්ධතියට දායාද කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.

අනතුරුව පැවති ප්‍රධාන උත්සව සභාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG