Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය අතරගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙති  

Add comments

උඩරට අමරපුර මහා නිකායේ දුම්බර උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අතරගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත්වුණා.

මැණික්හින්න, දෙල්ගස්ලන්ද චිත්තවිවේකාරාමාධිපතිව වැඩවිසූ අතරගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වනවිට 64 වන වියේ පසුවුණා. ශාසනික හා සමාජීය සේවාවන් රැසක් වෙනුවෙන් උන්වහන්සේ තම ජීවිතය කැපකලා.

වයස අවුරුදු නවයේදී පැවිදි දිවියට පිවිසි උන්වහන්සේ විචිත්‍ර ධර්මදේශකයානන් වහන්සේ නමක් ද වනවා. ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය දෙල්ගස්ලන්ද ක්‍රීඩාංගනයේ දී හෙට (03) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG