
ශ්‍රී‍්‍ර ලාංකික ධීවරයන් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන්. යාත‍්‍රා හතරක් සමඟ පසුගිය සතියේ හලාවත ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී‍්‍ර ලංකා ධීවර දෙපාර්තමේන්තුව පවසන්නෙ.
ඔවුන් නිදහස් කර ගැනිම සදහා මාලදිවයින බලධාරින් සමඟ අද (02) සාකච්ඡා පවත්වන බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Post a Comment