Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔසාමා බින්ලාඩ්න්ගේ පුත් හම්සාබින්ලාඩ්න්ගේ පුරවැසි භාවය අහෝසි කෙරේ  

Add comments

අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සා බින්ලාඩ්න් ගේ පුරවැසි භාවය අහෝසි කිරිමට සවුදි අරාබිය පියවර ගෙන තිබෙනවා.

හම්සා බින්ලාඩ්න් පිළිබද තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකා ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමන බවයි ඇමරිකාව ප‍්‍රකාශ කළේ. ඉන් දිනයකට පසු සවුදි අරාබිය ඔහුගේ පුරවැසිභාවය අහෝසි කිරිම විශේෂත්වයක්.

හම්සා බින්ලාඩ්න් පාකිස්ථානය , ඇෆ්ගනිස්ථානය සිරියාව හෝ ඉරානයේ සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඇමරිකා රාජ්‍ය දෙපාර්ත්මේන්තුව සදහන් කළා. ඔහු ත‍්‍රස්තවාදියෙකු ලෙස නම්කර ඇත්තේ 2017 වර්ෂයේ දි. අන්තර්ජාලය මගින් බටහිර රටවල් ඉලක්ක කරගෙන ඔහු ප‍්‍රහාර එල්ල කිරිමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවටද අනාවරණය වි තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG