
නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක‍්‍රියාත්මක බව අමාත්‍ය රංජිත් මද්දුමබන්ඩාර මහතා ප‍්‍රකාශ කලා.
දිස්ත‍්‍රික් 13 ක ජනතාව නියඟයෙන් පීඩාවට පත්ව සිටිනවා. යාපනය දිස්ත‍්‍රික්කයට රුපියල් ලක්ෂ 50 ක් සහ අනෙකුත් සෑම දිස්ත‍්‍රික්කයකට රුපියල් ලක්ෂ 10 බැගින් සහන කටයුතු සදහා අත්තිකාරම් මුදල් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ කැලෑ ගිනිගැනීම් 50 ක් වාර්තා වුණා. ඒ හේතුවෙන් ශාඛ පද්ධතියට සහ ජල මුලාශ‍්‍රවලට දැඩි හානියක් සිදුවනවා. කැලෑ ගිනි තැබීම් වලක්වාගැනීම සදහා සෑම පුරවැසියෙකුටම වගකීමක් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
Post a Comment