Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවක් (Video)  

Add comments

කඩ කාමර වෙන් කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සැසිවාරයේදී අද (05) උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත් නව පොදු වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර බෙදා දීම සම්බන්ධයෙන් විශේෂ සභාවාරයක් කැඳවා තිබුණා.

මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ පදිංචිව සිටි පවුලක් ඉන් ඉවත් කර තිබුණේ ඔවුන්ට කඩ කාමරයක් හා නිවසක් ලබා දෙන බවට ප්‍රාදේශීය සභා බලධාරීන් ලිඛිත පොරොන්දුවක් දීමෙන් අනතුරුවයි. එහෙත් එම පවුලට කඩ කාමරයක් ලබා දීම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළා. ඉන් අනතුරුවයි එය ගැටුමකට පරිවර්තනය වුණේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG