Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිසියට කොටුවුණු දිවි සම් ජාවාරම (PHOTOS)  

Add comments

රුපියල් ලක්ෂ දෙකක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර ගෙන යමින් තිබූ දිවි සම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ව සම් දෙකක්  පොලිස් උපාය දූතයකු යොදවා අත්අඩංගුවට ගැනීමට ඉපලෝගම පොලීසියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

දිව සම් බවට අනුමාන කෙරෙන එම හම් දෙක මල්ලක බහා ඒ මත එළවලු අසුරා එළවලු මල්ලක් ප්‍රවාහණය කරන අයුරින් සැකකරු ඔහුට අයත් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිව තිපෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව චෝදනා ගොනු කිරීමට පොලිසියකට කටයයුතු කර තිබෙනවා. අදාළ නඩු භාණ්ඩ සමඟ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG