
රුපියල් ලක්ෂ 400 ක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩු 05 ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(05) විභාගයට ගැනුණා.
2010 සිට 2014 වසර දක්වා කාලය තුළ දී සතොස සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිබාහිරව දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදු කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි.
මෙම වරද අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් බවයි අල්ලස් කොමිසම කියා සිටින්නේ. නඩුවේ මූලික විරෝධතා විමසීම ලබන මස 24 වනදා කැදවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.
Post a Comment