
වසර 37 කට පෙර ලෙබනන් යුද්ධයේදී අතුරුදන් වූ ඊශ‍්‍රායල හමුදා සෙබලෙකුගේ සිරුරේ කොටස් හමුවී තිබෙනවා.
ඇමරිකාවේ උපන් මෙම සෙබලා අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ලෙබනන් යුද්ධයේදී කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට ලක්වූ ඊශ‍්‍රායල සෙබලුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු වසර කිහිපයකට පසු මුදාහැරුණා.
ඉතිරි තුන්දෙනා පිිලිබද මෙතෙක් කිසිදු තොරතුරක් නොතිබු බවයි ආරක්ෂක අංශ සදහන් කළේ. මෙලෙස සිරුරු කොටස් හමුවී ඇත්තේ ඒ අතරින් එක් අයෙකුගේ බව ද ආරක්ෂක පෙන්වා දෙනවා.
Post a Comment