
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය විදේශිකයන්ගේ සංඛ්යා0ව 40ක් බව විදේශ අමාත්යාංශය නිවේදනය කරනවා.
ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු, බ්රි තාන්යං ජාතිකයන් 6 දෙනෙකු සහ ඩෙන්මාර්ක ජාතිකයන් 3 දෙනෙකු ඒ අතර වනවා. මියගිය සෙසු විදේශිකයන් අයත් වන්නේ චීනය, සෞදි අරාබිය, ස්පාඤ්ඤය, තුර්කිය, ඇමෙරිකාව, ඕස්ට්රේීලියාව, බංග්ලාදේශය, ජපානය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්වීට්සර්ලන්තය, යන රටවලටයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් 14 දෙනෙකුගේ සිරුරු මෙතෙක් හදුනාගෙන නැහැ. ප්‍රහාරවලින් විදේශිකයන් 5 දෙනෙකු තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදේශ අමාත්යාං ශය තවදුරටත් ප්‍රකාශ කරන්නේ. අදාළ විදේශිකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලන බවත් විදේශිකයන්ගේ පවුල්වලට තොරතුරු දැනුම් දීම සදහා හදිසි ඇමතුම් සේවාවක් ක්‍රීයාත්මක බවත් අමාත්යාංවශය පවසනවා. 0094 11 23 23 015 එම දුරකතන අංකයයි.
Post a Comment