
නීතිවිරෝධීව ශ්‍රී‍්‍ර ලංකාවේ රැඳි සිටි විදේශිකයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ආගමන විගමන විමර්ශන නිලධාරින් කිරුලපන අවන්හලක සිදුකළ වැටලීමකින්.
ආගමන නීති උල්ලංඝනය කරමින ඔවුන් රැඳි සිටින බවටයි විමර්ශන නිලධාරින්ට තොරතුරු ලැබුණේ. ඒ අනුව සිදුකළ පරීක්ෂණයේදි අවන්හලේ සේවය කරමින් සිටි ඉන්දිය ජාතිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මත පැමිණි ඔවුන් වීසා කාලය වසරකින් කල් ඉකුත්ව ඇති බවත් පරීක්ෂණ වලදි හෙලිවුණා.
සැකකරුවන් පිටුවහල් කරන තුරු මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තැබිමටයි ආගමන විගමන නිලධාරින් පියවර ගෙන තිබෙන්නෙ.
Post a Comment