Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඌව මහ ඇමතිගේ කණගාටුවෙන් පසු රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි  

Add comments

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පළාතේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන්ට කණගාටුව ප්‍රකාශ කිරීමත් සමග පළාතේ රෝහල්වල එතෙක් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කෙරුණා.

දෙමෝදර රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී වාතාවරණය හමුවේ ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට මෙන්ම රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට බැනවැදී තිබෙනවා. එමෙන්ම දෙමෝදර රෝහලේ වෛද්‍ය නිල නිවසට ප්‍රහාරයක් එල්ලවීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සංගමය හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව සිය කණගාටුව ප්‍රකාශ කළා. ඒත් සමග වර්ජනය අවසන් කළ බවයි එම සංගමය සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG