
නවගත්තේගම පොලිස් බල ප‍්‍රදේශයේ සිදුකළ හදිසි මෙහෙයුමකින් පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලුයම එකේ සිට අද අලුයම තුන දක්වා මෙහෙයුම කි‍්‍රයාත්මක කළ බවයි නවගත්තේගම පොලීසිය සඳහන් කළේ.
එහිදී වරෙන්තුකරුවන් හතර දෙනෙකු, බීමත්ව රිය පැදවූ තුන් දෙනෙකු සහ අනන්‍යතාව හෙළි කිරීමට නොහැකිවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් ආනමඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා.
Post a Comment