Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හතරවන කාර්මික විප්ලවයට ගැලපෙන අලුත් ආර්ථික රටාවක්  

Add comments

හතරවන කාර්මික විප්ලවයට ගැළපෙන අලුත් ආර්ථික රටාවක් සහ අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් සකස් කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අද පැවති උත්සවයකදියි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ ශ්‍රවනාගාරය විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ්මන් දිසානායක ශ්‍රවනාගාරය ලෙසයි එය නම් කර ඇත්තේ. අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG