Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය අයිස් ගංඟාවක් පුපුරුවා හරී  

Add comments

චීනය භෙලොන්ජියැන් පළාතේ අයිස් මිඳුණු ගංගාවක් පුපුරුවා හැර තිබෙනවා. ඒ වසන්ත සමයේ ගංවතුරක් ඇතිවීමේ අවදානම මඟහරවා ගැනීමේ අරමුණින්.

ගංඟාවේ මිදී තිබූ කිලෝමීටර 2.7ක අයිස් තට්ටුවක් පුපුරුවා හැරිමට කටයුතු කළ බවයි චීන බලධාරීන් පවසන්නේ. අයිස් තට්ටුව කොටස් 9 කට බෙදා ඊට යටින් පුපුරන ද්‍රව්‍ය තැන්පත් කර ඇත්තේ. ඒ අනුවයි පුපුරුවා හැරිම සිදුකර තිබෙන්නේ. එය නැරඹීමට සංචාරකයන් විශාල පිරිසක් ද ගංඟාව ආසන්නයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමත් සමඟ අයිස් කැබලි කුළුණක් ලෙසින් උඩු ගුවනට විසිවී ගොස් තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG