Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද සිට හිරු මුදුන් වෙයි – උණුසුම් තත්වයේ තවත් වැඩිවීමක්  

Add comments

සූර්යා අද සිට ලබන 15 වෙනිදා දක්වා ශ්‍රී‍්‍ර ලංකාව ආශි‍්‍රත අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ අනුව අද දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප‍්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් පවතින උණුසුම් තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG