Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ නව තාක්ෂණික උපකරණ කඩිනමින්  

Add comments

මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ ජීවිතාරක්ෂාව පිළිබද නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හදුනාගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය වැටලිම්වල සහ මෙහෙයුම්වල නිරත නිලධාරීන් ඇගයීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

මත්ද්‍රව්‍ය වැටලීම් සහ මෙහෙයුම්වල නිරත නිලධාරීන් ඇගයීම වෙනුවෙන් ජනපති ප්‍රසංසා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණා. එහිදි කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව සම්මාන පිළිගැන්විම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ත්‍

රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදි උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සදහන් කළේ රටට පැමිණෙන විෂ මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ සහ එම වැටලීම්වලට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ කඩිනමින් අදාළ අංශ වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG