
පළාත් පාලන වැය ශීර්ෂය පරාජය කිරීමට විපක්‍ෂය කටයුතු කළේ ඔවුන් එම ආයතන හරහා ජනතාවට සේවය කර නොමැති නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
හෝමාගම සුඛිත පුරවරයක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නාගරික උද්‍යානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. හෝමාගම පුරවරයේ ව්‍යාපෘති 147 ක් සුඛිත පුරවරයක් වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 19ක්. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර මාහේනවත්ත දක්වා නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමේ පළමු අදියර ද ආරම්භ කෙරුණේ මීට සමගාමීවයි. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 713ක්.
මහරගම සුඛිත පුරවර වැඩසටහන යටතේ ඉදිකළ සිව්මහල් රථාංගනය ජනතා අයිතියට පත් කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 131ක්. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.
Post a Comment