Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝන සහ අර්ධ ඝන ආහාර වර්ණ සංකේත ගැසට් නිවේදනය ලබන සතියේ  

Add comments

ඝන සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනය ලබන සතියේ ප‍්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඒ සඳහා අවශ්‍ය මුලික ක‍්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවයි මුලික අපේක්ෂාව. ඒ වෙනුවෙන් පසුගිය පළමුදා සිට හත් වනදා තෙක් ආහාර සුරක්ෂිතතා සතියක් ද ප‍්‍රකාශ කර තිබෙනවා.

වෙළඳසැල් පරික්ෂාව ඇතුළු වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරිමයි අරමුණ. හෝටල්වල තත්ත්වය අනූව ඒවා කාණ්ඩ ගතකිරිම ද සිදුවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG