
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දිනය වෙනුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දැඩි උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන්.
වයඹ පලාත, මන්නාරම, වව්නියාව, මුලතිව්, හම්බන්තොට, ගම්පහ , කොළඹ සහ මොනරාගල දිස්ත‍්‍රික්වලටයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව හෙට දිනයේ සිරුරට දැනෙන උණුසුම, දැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.


Post a Comment