
ඇල්ජිරීයා ජනාධිපති අබ්දෙලාසීස් බූට්ෆ්ලිකා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
පසුගිය සති කිහිපයක් පුරා පැවති දැවැන්ත විරෝධතා හමුවේ ඇල්ජිරීයා ජනාධිපතිවරයා මෙලෙස ඉවත් වී ඇති බව සදහන්. වසර 20ක කාලයක් අබ්දෙලාසීස් බූට්ෆ්ලිකා ඇල්ජිරීයාව පාලනය කළා. ඔහු 5වන වරටත් ජනාධිපතිධූරය සදහා සුදානම්වන බව සැලවීමත් සමඟ රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ කෙරුණා. එරට හමුදා අංශයේ ප්‍රධානින්ද ජනාධිපතිවරයාට පසුගියදා ඉවත්වන ලෙස ඉල්ලීමක් සිදු කළා. මේ වනවිට ජනතාව වීථි බසිමින් ජනාධිපතිවරයාගේ ඉවත්වීම සමරණ ආකාරය දැකගත හැකියි.
Post a Comment