Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ‍්‍රසීලයේ ගැටුමකින් කොල්ලකරුවන් දස දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බ‍්‍රසීලයේ සාවෝපාලෝ නගරයේ ඇතිවු ගැටුමකින් කොල්ලකරුවන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ස්වයංකී‍්‍රය මුදල් ලබා ගැනිමේ යන්ත‍්‍රයක් කොල්ලකෑමට උත්සාහ දැරීමේදි පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඔවුන් මියගිය බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ස්වයංකී‍්‍රය මුදල් ලබාගැනිමේ යන්ත‍්‍රය කොල්ලකෑමට 25 දෙනෙකු පැමිණ තිබෙනවා.

මුදල් ලබා ගැනිමේ යන්ත‍්‍රය පුපුරුවා හැර මුදල් කොල්ලකෑමටයි ඔවුන් උත්සාහ දරා තිබෙන්නෙ. සන්නද්ධ රථ පහකින් පැමිණ සිටි කොල්ලකරුවන් වෙඩි නොවදින ඇඳුමින් ද සැරසි සිටි බවයි බ‍්‍රසිල ආරක්ෂක අංශ සඳහන් කළේ. පොලිසිය කොල්ලය වැළැක්විමට උත්සාහ දැරිමේදි සැකකරුවන් අසල්වැසි නිවැසියන් ප‍්‍රාණ ඇපයට ගත්තා.

කෙසේ වෙතත් ඔවුන් ද නිරුපදි‍්‍රතව බේරා ගැනිමට බ‍්‍රසිල පොලිසිය කටයුතු කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG