
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනුරාධපුර, පුත්තලම මාර්ගයේ 38 කණුව ප්‍රදේශයේ දී සිදුවූ දී රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමෙන් වාහන ගමනාගමනයට බාධාවීම නිසා එක් මන්තීරුවකින් පමණක් රථවාහන ධාවනයට කටයුතු කෙරුණා. එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක් රථවාහන හුවමාරුව සදහා මගපෙන්වමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් එම නිලධාරීන් දෙදෙනා අනතුරට ලක්කර අසල තිබූ ගසක ද ගැටී තිබෙනවා. අනතුරෙන් මියගියේ සිංහාරගම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 54 සහ 34 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලීසිය සදහන් කරන්නේ. වෑන් රථයේ රියදුරු අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර කුරුවිට එරත්න මාර්ගයේ ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කළ ලොරි රථයක් මෝටර් රථයක සහ තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගියේ වයස අවුරුදු 40 ක් වන පරකඩුව සහ දොඩම්ගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Post a Comment