Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සදහා පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක්  

Add comments

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සදහා පස් අවුරුදු ව්‍යාපාරික සැලැස්මක් සකස් කර තිබෙනවා.

2019, 2024 කාලසීමාව සදහා මෙම ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාත්මකයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීම නව ව්‍යාපාරික සැලැස්මේ අරමුණ බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග ගුවන් ගමන් සදහා ඇති කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමද මෙම වැඩපිළිවෙළේ ඉලක්කයක්. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පවසන්නේ අභියෝග මධ්‍යයේ වුවද සමාගම ව්‍යාපාරික වශයෙන් සාර්ථකත්වයක් කරා ගෙනයාම තමන්ගේ අරමුණ බවයි. අලුත් ගුවන් ගමනාන්ත රැසක් එක් කිරීමට ද නියමිතයි. ඒ අනුව යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, දකුණු ආසියාව මෙන්ම ඕස්ට්‍රේලියාව කරා නව ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති. ඩිජිටල් ව්‍යාපාරික වැඩපිළිවෙළක් හදුන්වා දෙමින් අන්තර්ජාලය මත පාදක විකුණුම් වර්ධනය කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG