
පාකිස්ථානය ඉන්දීය තානාපති නිලධාරින්ගෙන් කරුණු විමසා තිබෙනවා. ඒ කාශ්මීරයේදී සිදුවන සටන් විරාම උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන්.
පාකිසථානයේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගෙන් පාකිස්ථාන විදේශ අමාත්‍යංශය තොරතුරු ලබාගැනීමට පියවර ගත්තා. කාශ්මිරයේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් සිවිල් වැසියකු මිය ගියා. තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ඉන්දීය ආරක්ෂක අංශ වගකිව යුතු බවටයි චෝදනා එල්ල වුණේ. බර අවි උපයෝගී කරගනිිමින් ප‍්‍රහාර එල්ල කරන බවටත් තොරතුරු ලැබී තිබෙනවා. දෙරට අතර ඇති කරගත් සටන් විරාම එකඟතා ගිවිසුම් උල්ලංඝනය වී ඇති බවයි පාකිස්ථානය පවසන්නේ.
Post a Comment