Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙල්ගමට එරෙහි නඩුව කැඳවීමට අධිකරණයෙන් දින නියම වෙයි  

Add comments

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනු කළ නඩුවක් ලබන මැයි මස 4 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දින ලබා දුන්නා.

2010 වසරේදී ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයෙකු පත් කර ආණ්ඩුවට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. නඩුව සම්බන්ධයෙන් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කිරිමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා. ලංකා ගමනාගමන මණ්ඩල පනතට පටහැනි ලෙස එල් ඒ විමලරත්න නැමැත්තෙකු උප සභාපති ලෙස පත් කිරීමෙන් ආණ්ඩුවට රුපියල් ලක්ෂ 32 ක මුදලක පාඩුවක් හිටපු අමාත්‍යවරයා සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG