Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔරුගොඩවත්ත – කඩුවෙල ජල සැපයුම් නළ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර  

Add comments

ඔරුගොඩවත්ත – කඩුවෙල ජල සැපයුම් නළ පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කර සම්පූර්ණ කිරීමට නගර සැලසුම් ,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ඇති වී තිබූ ප්‍රමාදයට විසදුම් සෙවීමේ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රෙය් දී පැවැත්වුණි.

2018 අවුරුද්ද අවසානයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2020 දී අවසන් කළ යුතුව ඇතත් එහි ඇති වී තිබූ ප්‍රමාද දෝෂය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරු ඇමැතිවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

එහි දී අදාළ ආයතනවලින් කරුණු විමසූ හකීම් මහතා ඒවා තුරන් කර ගැනීමට උපදෙස් ලබා දී එම ආයතනවල එකඟතාවය ලබා ගන්නා ලදී.

මෙම උසස් මට්ටමේ සාකච්ඡාවට නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.මංගලිකා,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ.අන්සාර්,සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ඇතුළු මණ්ඩලයේ උසස් නිලධාරීන්,මාර්ග සංවර්ධන අධිකාරීයේ සභාපති නිහාල් සූරිය ආරච්චි ඇතුළු උසස් නිලධාරීන් සහ සියෙරා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීහු ද එක් වූහ.

දැනට අඹතලේ සිට ඔරුගොඩවත්ත දක්වා ජල නළ ප්‍රතිස්ථාපනය කිරීමේ කාර්යයේ සමහර ස්ථානවල බාධක ඇතිවී තිබෙන හෙයින් අඹතලේ සිට කඩුවෙල දක්වා වූ ප්‍රදේශයේ නොකඩවා ජල නළ එලීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය සිය අනුමැතිය ලබා දීමටත් මෙහි දී එකඟතාවය පළ කරන ලදී.

මෙම ව්‍යාපෘතියෙන් 245,000 නළ ජල සම්බන්ධතා මගින් ලක්ෂ පහළොවට ජනතාවට සෙත සලසන අතර තවත් දශක ගණනාවකට ඇතිවිය හැකි ඉල්ලුමට සැපයුම ලබා දීමට හැකි වන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG