Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ මූල්‍ය විනයක් ඇති කළා  

Add comments

මූල්‍ය ප්‍රශ්න තිබිය දී රටේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙන බවත් මූල්‍ය විනය ඇති කර මූල්‍ය ස්ථාපනයක්  රටේ ඇති කර තිබෙන බවත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මුදල් අමත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ දී මෙසේ පැවසීය

”වැටුණු ආර්ථිකය අපට උරුම වුණා. 2015 රට භාරගන්නකොට සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න විශාල ණයක්  ගෙන තිබුණා.රටේ ස්වාභාවික විපත් තිබුණා. විපක්ෂය නිර්මාණය කළ විපත විශාලයි. ඔක්තෝබර්වල සිද්ධියෙන්  රුපියලේ අගය වැටුණා. විදෙස් සංචිතය ඩොලර් බිලියනයක පමණ පාඩුවක් සිදු වුණා. වසර හතරක් තුළ අභියෝග  මැද වැඩ රාශියක් කළා.2015 පසුව 2018 117,000ක් රැකියා සඳහා වසර තුන තුළ බඳවා ගත්තා. රාජ්‍ය ආදායම  සියයට 11% සිට සියයට 14%දක්වා වැඩි කළා.

මහපොළ ශිෂ්‍යත්වය වැඩි කළා. ළඟම පාසල හොඳම පාසල  ක්‍රියත්මක කළා. සුරක්ෂා රක්ෂණය ආරම්භ කළා. ”රන් මාවත්” සංකල්පය ආරම්භ කරනවා. අයවැයෙන් තරුණ  පරපුරට විශේෂයක් කර තිබෙනවා. අපි මූල්‍ය ප්‍රශ්න සමඟ අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. මූල්‍ය  විනය ඇති කර මූල්‍ය ස්ථාපනයක් මේ රටේ ඇති කර තිබෙනවා” යැයි අමාත්‍යවරයා පැවසී ය

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG