Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැඩි මිලට අලෙවි කිරිමට සුදානම්ව තිබු මත් පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලීසිය විසින් අද (12) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජොන් ටිලරි වතුයායේ වතු නිවාසයක කාමරයක් තුල රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සැකකරු සගවා සිටි බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

උත්සව සමයේ සැකකරු වැඩි මිලට වතුකරයේ මත්පැන් අලෙවි කිරිමට සුදානම්ව මත්පැන් බෝතල්  50 ක් මිල දිගෙන නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG