Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආහාර සුරක්ෂිතතාව සුරැකීමේ වැඩසටහන් රැසක්  

Add comments

ආහාර සුරක්ෂිතා සතිය තුළදී ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව සුරැකීම අරමුණු කරගනිමින් ආහාර අලෙවිසැල් පරික්ෂාව ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව සුරැකීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශිත ආහාර සුරක්ෂිතතා සතිය අප්‍රේල් මස 01 වනදා සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය ආමාත්‍යවරයා අද (02) ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙවර එහි තේමාව වන්නේ ”සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක්ම මිලදී ගනිමු” යන්නයි.

වෙළඳ සැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම පිළිබඳව දැනුම්වත් කිරීම පසුගිය වසරේදී ආහාර සතිය මූලික කරගනිමින් සිදු කළ අතර මේ වසරේ මූලික අරමුණ වන්නේ සුරක්ෂිතව පිළිනොගන්වන ආහාර ප්‍රතික්ෂේප කරවී‍මට පොළඹවමින් පාරිභෝගිකයා සවිබල ගැන්වීම බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. පසුගිය වසර පුරාම හෝටල් වල තත්වය පරීක්ෂා කරමින් , වැටලීම් සිදු කර අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවද හෝටල් ඒ.බී. යනුවෙන් කාණ්ඩ ගත කළ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන ආහාර සුරක්ෂිතා සතිය තුළදී ආහාර පරිහරණය කරන ආයතන , හෝටල් ,බේකරි ,සිල්ලර කඩ, සුපිරි වෙළඳ සැල් හා වීදි කඩ ආදී ආහාර අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීම,නිවේදන නිකුත් කිරීම,සාම්පල් ගැනීම, අත්අඩංගුවට ගැනීම,විනාශ කිරීම සහ ඊට අදාළ නීතිමය පියවර ගැනීම ආදිය සිදු කරන බව මෙම මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් (ආහාර පාලක) විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා සහ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG