
ජනතාව වෙනුවෙන් සේවය කිරීම පක්‍ෂ විපක්‍ෂ සියලු මහජන නියෝජිතයින්ගේ යුතුකම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඊට ඇමතිකම්, තනතුරු අත්‍යවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ.
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් මහින්ද අමරවීර ඩොට් එල් කේ නව වෙබ් අඩවිය අද (02) විවෘත කෙරුණා. ඒ කොළඹ පදනම් ආයතනයේදීයි. මහින්ද අමරවීර මහතාගේ දේශපාලන තොරතුරු මෙන්ම සිදු කළ, සිදු කරන සේවාවන් මෙහි අන්තර්ගතයි.
අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද එහි අවස්ථාව ලබා දී තිබෙනවා. වෙබ් අඩවිය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා.
Post a Comment