Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ තද වැසි  

Add comments

සබරගමුව,  මධ්‍යම,  දකුණ සහ ඌව පළාත්වල සහ කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඊයේ (05) දිනයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ලැබී තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයට ඇදහැලුණු තද වැසි හේතුවෙන් එළවළු වගාවට යහපත් තත්ත්වයක් ඇතිවුණා. මෙම ප්‍රදේශයේ පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් තමන් මහත් අපහසුතාවකට පත්ව සිටි බවයි එළවළු ගොවීන් ප්‍රකාශ කරන්නේ.

අම්බලන්තොට ප්‍රදේශයට තද වැසි ලැබීමත් සමග රිදියගම ජලාශය වාන් දැමීමට පටන්ගත්තා. මිරිදිය මත්ස්‍ය වගා ව්‍යාපෘතිය යටතේ මෙම ජලාශයට පසුගිය කාලයේ මත්ස්‍ය පැටවුන් දහඅට දහසක් පමණ මුදා හැරියා. එම මත්ස්‍ය පැටවුන් ද වාන් දැමීමත් සමග වැවෙන් පිටතට ගොස් ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. මෙම ප්‍රදේශයට ද පසුගිය කාලයේ වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය පවා සපයා ගැනීම අපහසු තත්ත්වයකයි පැවතුණේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG