
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නම් කරන ලද ඩේවිඩ් මැල්පාස් ලෝක බැංකු සභාපති ධුරයට පත්ව තිබෙනවා.
විධායක කමිටු සැසියේදී ඒකමතිකව ඔහුගේ නම යෝජනාවූ බවයි ලෝක බැංකුව පවසන්නේ.
ලබන අඟහරුවාදා ඩේවිඩ් මැල්පාස් සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සැලසුමයි.
මැල්පාස් මීටපෙර ඇමරිකාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම්වරයා ලෙස කටයුතු කළා.
Post a Comment