Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට උගතුන් සහ විද්වතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ජනපති පෙන්වා දෙයි  

Add comments

රට හමුවේ ඇති ආර්ථික සහ සමාජ අභියෝග ජය ගැනීමේ දී දේශපාලනඥයන්ගේ කාර්යයට වඩා රටේ උගතුන්ගේ සහ විද්වතුන්ගේ මැදිහත්වීම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින බව ජනාධිපතිතුමා පවසයි.

එබැවින් ජාතිය හමුවේ ඇති අභියෝග ජය ගැනීමට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ එකතුවක් රටට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (02)  පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්වෙමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව එහි නවෝත්පාදනල නව්‍යකරණ සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලය මඟින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙන අතර එය අද(02) සහ හෙට (03) සිරිමාවෝ බණ්ඩරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශයේ දී පැවැත් වේ.

විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින අතරල ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශි කරමින් “INNOVATE SRI LANKA 2019” ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

ශ්‍රී ජයවර්ධනපුර විශිවවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් දල විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතා ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG